Template:Appeal/Adrianne/si

From Donate
Revision as of 16:18, 9 November 2012 by Seddon (WMF) (talk | contribs) (Created page with "{{Template:2011FR/quote |කුඩා දරුවෙකු ලෙසින් මා හට තිබුනේ මුදල් වියදම් වන පුරුද්ද...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to navigation Jump to search

කුඩා දරුවෙකු ලෙසින් මා හට තිබුනේ මුදල් වියදම් වන පුරුද්දක්. පොත් කියවීම. මගේ දෙමව්පියන් මිලදී ගෙන දුන් පොත් කියෙව්වා-- ඉන් නොනැවතී තව තවත් පොත් ඉල්ලුවා. ඔවුන්ගේ බැංකු ගිණුමේ ශේෂය පහළ යන විට ඔවුන් තීරණයක් ගත්තා. ඉතින් ඔවුන් මට මිලදී දුන්නා ජේන් ඒර් නමැති පොත.

Adrianne Wadewitz

ඒ මහා නවකතාව කියවල අහවර කිරීමට මට අත්‍යන්තවූ කාලයක් ගතවුනාට, මම එයට තදින් ඇලුම් කරන්නට පටන්ගත්තා. පස්වන පංතියේ උගෙනගත් කාලයේදී, අපට කැමති විෂයයක් පංතියේ අනෙක් ශිෂ්‍යයන්ට උගැන්වීමට අපට පැවරුමක් දුන්නා. මම දේශන පැවැත්වුයේ දහනවවන සියවසේ සාහිත්‍යය පිළිබඳවයි.

ඔබ සමහරවිට අනුමාන කර ඇති පරිදී අද මම ඉංග්‍රීසි මහාචාර්යවරියක්. මම විකිපීඩියාවටද දායකත්වය සපයන්නේ, ෆ්‍රැන්කන්ස්ටයින් පොතෙහි කතුවර මේරි ෂෙලී හා ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රිජුඩිස් ලිවූ ජේන් ඔස්ටින් වැනි ගත් කතුවරුන් පිළිබඳ ලිපි සංස්කරණය කිරීමෙනි.

විකිපීඩියාවෙහි මගේ කාර්යභාරය ගැන ආවර්ජනය කරන විට, තොරතුරු බහාලන්නක ලෙස මා සැලකීමට මම පෙළඹෙන්නේ නැහැ; මට හිතෙන්නේ මා ගුරුවරියක යනුවෙනි. විකිපීඩියාව තුලින්, මගේ පංති කාමරයේ සීමාවලින් ඔබ්බට යෑමට අවකාශ මා හට සැලසී තිබෙනවා. ගෙවී ගිය මස තුලදී පමණක්, ජේන් ඔස්ටින් පිළිබඳ විකිපීඩියා ලිපිය 115,000 කට වැඩි වාර ගණනක් පාඨකයන් විසින් නරඹා තිබෙනවා .

මගේ විශ්ව විද්‍යාලයේදී, තත්ත්වයෙන් ඉහළ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට මට අවකාශ තිබුණි. එහෙත් බොහෝ දෙනාට මෙවැනි සම්පත් වලින් ප්‍රයෝජන භුක්ති වීඳීමට අවකාශ නැත; දායක මිල නමැති මහා පවුරට ඔබ්බෙන් ඒවා සැඟවී ඇත. විකිපීඩියාව සංස්කරණය කිරීමෙන්, මෙම අසාධාරණය නිරවුල් කිරීමට උපකාර වීමට මට හැකි වෙනවා.

මම ඉගෙනීමට ඉතාමත් කැමතියි. මම සැමවිටම එලෙසමයි. එම නිසාම මම තදින් විශ්වාස කරනවා ඉගෙනීමේ අවස්ථාව සෑම දෙනාටම ලැබිය යුතුයි යනුවෙන්.

ඔබ එකඟ වනවාද? එසේ නම් විකිපීඩියාවට අනුග්‍රහ සැපයීමට මා හා එක් වන්න.